කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ඉලෙක්ට්‍රොනික ගාස්තු අයකර ගැනීමේ ක්‍රමය සඳහා වාහන ලියාපදිංචි කර ගැනීම වෙනුවෙන් හෙට (28දා) සිට ප්‍රවර්ධන සතියක් දියත් කර තිබේ.
රුපියල් දහසක මුදලකින් අදාළ ලියාපදිංචි වීම සිදුකළ හැකි අතර, මෙම සතිය තුළදී ලියාපදිංචි වන්නන්ට 10% ක ගමන් ගාස්තු වට්ටමක් හා නොමිලේ කාඩ්පතක් ලබාදීමට සැලසුම් කර ඇත.
මීට අමතරව ලියාපදිංචි කිරීම සඳහා ලබාදිය යුතු රුපියල් දහසක මුදල මාර්ගය භාවිත කිරීම වෙනුවෙන් වැය කිරීමටත් අවස්ථාව සලසා දී තිබේ.
හෙට (28දා) සිට අප්‍රේල් 04 වැනි දින දක්වා පැවැත්වෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන කටුනායක ගාස්තු ගෙවන කාර්යාලයට ආසන්නයේ පිහිටි සීදූව ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.