කටුනායක ගුවන්තොටුපොළේ පර්යන්ත (Terminal) ගොඩනැගිල්ලේ තිබෙන CCTV කැමරාවලට අමතරව තවත් CCTV සවි කිරීමට විරෝධය දක්වමින් ආගමන - විගමන නිලධාරීන් ආරම්භ කර තිබෙන විරෝධතාවක් හේතුවෙන් ගුවන් ගමන් සඳහා බාධා එල්ල වී තිබේ.
කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානා කිහිපයක මගීන්ට ගුවන් තොටුපොළන් පිටව යාමටත්, ගුවන් තොටුපොළින් විදේශ ගත වීමට නියමිත ගුවන් යානා සඳහා මගීන්ට ඇතුළු වීමට නොහැකි වීමත් හේතුවෙන් ගුවන් ගමන් අඩාල වී තිබේ.