දෝහා කටාර් රාජ්‍යයේ සිටින සියළුම ශ්‍රමිකයින්ගේ වැටුප් නොවැම්බර් මාසයේ සිට බැංකුගත කිරීමට පියවර ගන්නා බව එරට කම්කරු හා සමාජ සේවා අමාත්‍ය අබ්දුල්ලා සාලියා අල් කුලාෆි මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ, විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා සිය මැදපෙරදිග සංචාරයේදී ඒ මහතා මුණගැසුණු අවස්ථාවේදීය.
එහිදී එරට සිටින සියළුම ශ්‍රමිකයින්ගේ වැටුප් බැංකුගත කිරීම තුළින් ඇතිවී තිබූ ගැටළු සියල්ලම මග හැරෙන බව ඔහු සඳහන් කළේය.
විශේෂයෙන් එරට සියළු ශ්‍රමිකයින්ගේ වැටුප් ඔවුන්ගේ අතට ලබාදීමේදී විවිධ ගැටළු වාර්තා වූ බවත් එසේම වැටුප් ලබානොදීම සම්බන්ධව ප්‍රශ්න ගණනාවක් පසුගිය සමයේ වාර්තා විය.
එහෙයින් මෙවැනි කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කිරීම පිළිබඳව අමාත්‍යවරිය විශේෂයෙන් එරට කම්කරු හා සමාජ සේවා අමාත්‍යවරයාට ස්තූතිය පළ කළාය.