කටාරයේ විවිධ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රීලාංකිකයන් වහාම දිවයිනට ගෙන්වා ගැනීමට සූදානමක් ඇති බවට පළවන වාර්තා ජනතාව නොමග යවන සුළු බව කොළඹ පිහිටි කටාර් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වවමින් කටාර් තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර තිබේ. රටවල් කිහිපයක් කටාරය සමග සබඳතා අත්හැරියත් කටාර් ජනතාවගේ මෙන්ම එරටට පැමිණ සිටින විදේශිකයන්ගේ සාමාන්‍ය දිවි පෙවත සාමාන්‍ය ලෙස ගත වන බවද එම නිවේදනයේ දැක්වෙයි.
රටවල් කිහිපයක් කටාරය සමග සබඳතා අත්හැරියත් කටාරයට මුහුණපෑමට සිදුවන ඕනෑම ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට වසර ගණනාවක සිට කටාර් රජය සූදානම්ව සිටි බවත් අද (20දා) ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
කටාරයේ වරාය මෙන්ම ගුවන් තොටුපොළවල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද එහිවැඩිදුරටත් දැක්වෙයි.