මැතිවරණවලට රජය මුදල් වියදම් කරන නමුත් ජනාධිපතිගේ බැනර්, පෝසටර්, කටවුට් සඳහා ඒ මුදල් භාවිත කළ යැයි තමා නොසිතන බව කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
නිසිලෙස බදු නොගෙවා එලෙස බැනර්, කටවුට් ප්‍රදර්ශනය කර ඇත්නම් නඩු දමන ලෙසත්, සියලු දේශපාලන පක්ෂ මැතිවරණ නීති උල්ලංඝනය කරන බවත් අමාත්‍යවරයා අද (04දා) පැවැති කැබිනට් මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.