රට තුළ කංසා භාවිත කරන්නන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරයි.
මේ අනුව ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් කංසා භාවිත කරන බවට තොරතුරු වාර්තා වී තිබෙන බවද එම ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා භද්‍රානි සේනානායක මහත්මිය සඳහන් කළාය.
පළාත් වශයෙන් ගත් විට කංසා භාවිත කරන්නන් වැඩි වශයෙන් බස්නාහිර පළාත තුළින් වාර්තා වන බවත්, මීට අමතරව මධ්‍යම පළාත හා උතුරු පළාතෙන්ද සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වන බවද අද (22දා) පැවැති වැඩමුළුවේදී ඇය පවසා සිටියාය.