ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපනය තුළින් ඉදිරියේ දී වෙළෙඳ නාමයෙන් තොරව ඖෂධීය නාමයෙන් පමණක් රෝගීන්ට ඖෂධ නිකුත් කළ හැකි බවත් මෙමඟින් මිනිස්සුන්ට දැනෙන පළවෙනි දෙය ඖෂධ මිල අඩුවෙනවා ද නැද්ද යන්න බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා පැවසීය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය ස්ථාපනය කිරීමේ නිල උත්සවය එක්වෙමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේබව පැවසීය. අද ඇමරිකාවේ ඖෂධවලින් සියයට 85ක් ඖෂධ නාමයෙන් භාවිත කරන්නේ. ඇමරිකාව තමයි විවෘත ආර්ථිකයේ දේවස්ථානය. ඇමරිකාවේ, බි්රතානයේ වෛද්‍යවරුන් සියයට 85ක් ඖෂධ ලියන්නේ ඖෂධීය නාමයෙන්. නූතන ලෝකය මහාචාර්ය සේනක බිබිලේ කිවුව දේ පිළි අරගෙන ගමන් කරලා ඉවරයි. එය අපි පිළිනොගන්නට කිසිම හේතුවක් නැහැ. ඒ ඖෂධීය නාමයෙන් ගේන්න නම් අපිට ඖෂධ තත්ත්ව පරීක්ෂණාගාරයක් තිබෙන්නට ඕනෑ. චීන රජයෙන් එය අපට ලබාදෙන්න පොරොන්දු වුණා. ඒ මඟින් මේ රටේ සිටින සියලු ම වෛද්‍යවරුන්ට හැම ඖෂධයකම නියම ගුණය ගුණාත්මකභාවය බලාගන්න පුළුවනි. යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය