පසුගිය 29 වැනිදා රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය නතර කර නොමැති බවත්, තවමත් ඊට විසඳුම් නොලැබුණු බැවින් තවදුරටත් සත්‍යග්‍රහයේ නිරතවන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශ එම්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසීය. දිවයින පුරා රජයේ ඖෂධ සංයෝජක නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් 1200 පමණ මේ සඳහා එක්ව සිටිති.