ඉදිරියේදී ඖෂධ වෙළෙඳ නාමයෙන් ලිවීම තහනම් කර ඖෂධ නාමයෙන් පමණක් ලිවීම ආරම්භ කරන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කර සිටියේ ඒ සඳහා ඖෂධ පරීක්ෂා කිරීමට චීන රජයේ ආධාර මත තත්ත්ව පරීක්ෂණාගාරයක් ඉදි කෙරෙන බවයි.
මේ අතර තවත් පිළිකා ඖෂධයක් ආනයනය කිරීමට කටයුතු යොදා ඇති බවද ඔහු පවසා සිටියේය. එය මීට පෙර ගෙන්වනු ලැබූ පිළිකා ඖෂධ දෙකට වඩා මිලෙන් අඩු බව සඳහන් කළ අමාත්‍යවරයා, නිදහස් සෞඛ්‍ය ලෙස පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යාංශයද පසුගිය කාලයේ ඖෂධ සමාගම් පොහොසත් කළ බවත්, කෙසේ වුවද සමාගම් සිදු කරන ඖෂධ මංකොල්ලයට තමන් ඍජුව මුහුණදෙන බවත් ප්‍රකාශ කර සිටියේය.