ඖෂධ පනත ප්‍රදර්ශනය කර නෑ
හෙට දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට සැලසුම් කර ඇති ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ පිරිස්වලට හෝ මහජනතාවට ප්‍රදර්ශනය කර නොමැති බවත්, මේ නිසා පනත ගෙනඒමෙන් අපේක්ෂිත අරමුණු ඉෂ්ටවේදැයි සැකසහිත බවත් මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ පදනම සඳහන් කරයි.
ජාතික ඖෂධ පනතක් රට තුළ ක්‍රියාත්මක කිරීම අනිවාර්ය වුවද එම පනත සකස් වියයුත්තේ රටට ගැළපෙන ආකාරයට බව එම සංගමයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේය.
රටට ගැළපෙන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා නම් ඒ සඳහා වෛද්‍ය වෘත්තීය සමිති ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍ර‘යේ වෘත්තීය සමිතිවල අදහස් ලබාගත යුතු බවත්, මීට අමතරව මහජනතාවගේ අදහස්ද ලබාගත යුතු බවත් ඔහු පවසා සිටියේය.
එහෙත් එවැනි ක්‍රියාදාමයක් සිදුනොකර කඩිමුඩියේ ඖෂධ පනතක් පාර්ලිමේන්තුව තුළ අනුමත කරගැනීමට කටයුතු කිරීම තුළින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බවද ඒ මහතා කියා සිටියේය.
වෙළෙඳ නාමය වෙනුවට ඖෂධ නාමයෙන් ඖෂධ අලෙවි කර, අඩු මුදලට ඖෂධ ලබාදීම ආණ්ඩුවේ අරමුණ වුවත්, ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් යනු එම කරුණද ඇතුළත්ව ඊට එහා ගිය දේවල් සිදුවන පනතක් බවද හෙතෙම සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

