පාරජම්බුල කිරණ පෘථිවිය වෙත පැමිණීම වළක්වන ඕසෝන් වියන නැවත වතාවක් ඝන වෙමින්, එහි ඇතිවී තිබූ සිදුරද හැකිලීමේ සුබ පෙරනිමිති පෙන්නුම් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
වසර කිහිපයක් ඕසෝන් වියන තුනී විමේ අර්බුදයකට ලෝකය මුහුණ දෙමින් සිටි අතර, ඇන්ටාක්ටිකාවට ඉහළින් ඕසෝන් වියනේ සිදුරක්ද ඇති විය.
වාර්ෂිකව මෙම ඕසෝන් සිදුර විශාල වෙමින් පැවතියත්, මේ තත්ත්වයත් සමග නැවතත් මෙම සිදුර විශාල වීමද නැවතී ඇති බව එම සංවිධානයේ නවතම පර්යේෂණ වාර්තාවක් හෙළි කරයි.