නීති විරෝධී ලෙස මුහුදු මගින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් 9ක් අද (19) මීගමුවේ සිට නාවික සැතපුම් 30 ක් පමණ බටහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් වන පී 475 මගින් අත්අඩංගුවට ගන්නා ලද මෙම පිරිස අතර පිරිමි පුද්ගලයන් පස් දෙනෙක්, කාන්තාවක්, කුඩා ගැහැණු ළමයෙක් කුඩා පිරිමි දරුවන් දෙදෙනෙක් ද වු බව නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.