රාජ්‍ය සේවකයින් ලෙස සියලු දෙනා ඕවටයිම් ක්‍රමවේදය පිටු දැකීමට කාලය එලැඹ ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. වත්මන් ආණ්ඩුවේ ඉලක්ක සහ අරමුණු ඉටු කර ගැනීම සඳහා සියලුම රාජ්‍ය සේවකයින් තමන්ට ලැබෙන වැටුපට සාධාරණත්වයක් හිමි වන සේ ස්වකීය වගකීම් ඉටු කළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණයකළේය.
වරාය සහ නාවික අමාත්‍යාංශයේ 2016 වසරේ ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීමේ නිල උත්සවයට සහභාගි වෙමින් අර්ජුන රණතුංග මැතිතුමා මෙම අදහස් පළ කළේය. “පසුගියකාලේ මූලික වුණේ පුද්ගලයා. නමුත් අද මූලික වෙලා තියෙන්නේ අමාත්‍යාංශය. මම හිතන්නේ අපි අද වෙනස ඇති කළේ එතන තමයි. අපි මේ ක්‍රියාදාමය පසුගිය අවුරුද්දේ ඉතාමත් විශිෂ්ට අන්දමින් ක්‍රියාත්මක කරගෙන ගියා. අමාත්‍යාංශයක් හැටියටත් ඒවගේම අධිකාරිය සහ අනෙකුත් ආයතන සියල්ලම එකතුවෙලා මේ අමාත්‍යාංශය උසස්ම අමාත්‍යාංශය බවට පත් කරලා තියෙනවා. අපිට ඉදිරි කාලයේදී මීට වඩා ලොකු වගකීම් තියෙනවා.
2020වෙනකොට කොළඹ විතරක් නෙවෙයි ලංකාව මුහුදු ගමන් මාර්ගයේ ප්‍රධාන කේන්ද්‍රය බවට පත්වෙනවා. දැනටම පත් වෙලා තියෙනවා. ඒනිසා අපිට තියෙන වැඩ ප්‍රමාණය විශාල වෙනවා. මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ මගේ දරුවට මොනවා හරි වෙනකොට රිදෙනවා වගේම අනිත් කෙනාගේ දරුවට මොනවා හරි වෙනකොටත් අපිට රිදෙන සංස්කෘතියක් අපි ඇති කළ යුතුයි. පාරේ යන දරුවෙකුට, කාන්තාවකට මොනවා හරි වරදක් වෙනකොට මගේ නෙවයි කියන්නේ නැතිව මේ හැමෝම මගේ කියන ක්‍රමවේදය අපි මේ නව වසරේ ඉදිරිපත් කරනවා. ඒ වගේම සියලුම ජාතීන් එකට ගෙනයන පිළිවෙළක් ක්‍රියාත්මක කල යුතු වෙනවා. යැයි හෙතෙම පැවසීය.