ඕමානයේ ශ්රී ලංකා තානාපති අශෝක ගිරිහාගම මහතා අද (31දා) අලුයම දිවයිනට පැමිණියේය. දින පහක් ඇතුළත වහාම කොළඹට වාර්තා කරන ලෙසට ඔහුට ලැබුණ දැනුම්දීමකට අනුව අශෝක මහතා මෙසේ දිවයිනට පැමිනියේය.
ඕමාන හාම්පුතෙකුගේ අතවරයට ලක්ව සුරක්ෂා නිවසේ රඳවා සිටින ශ්රී ලංකා ගෘහසේවිකා පළිබඳව පරීක්ෂණයක් පැවැත්වෙද්දී අශෝක මහතා දිවයිනට කැඳවීම පිළිබඳව ඕමානයේ ශ්රී ලාංකිකයන්ගේ අප්රසාදය පළවී තිබේ.