ඕනෑම රටක අන්තවාදී සුළු පිරිසක් සිටින බවත් ඔවුන්ගේ හඬ යටපත් කළ හැක්කේ සෙසු ජනතාව සාමයෙන් සමගියෙන් බැඳෙන තරමට බවත් රටක ඉදිරි අනාගතය තීරණය කෙරෙන ප්‍රධානතම සාධකය වන්නේ එම රටේ ජනතාව අතර පවත්නා ජාතික සමගිය බවද මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල හිමියෝ කීහ.
රට තුළජාතික සමගිය ගොඩනැගිමින් පවතින බවත් එය තවදුරටත් ශක්තිමත්ව තහවුරු කර ගැනීමට සැවොම උනන්දු විය යුතු බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ජාතික ඒකාබද්ධතා හා ප්රතිසංධාන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්.ෆවුසි මහතා අද (27)පෙරවරුවේ මල්වතු මහනාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේ දී උන් වහන්සේ මේ බව පැවැසූහ.