බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය බලා ගමන් කිරීමට රැඳී සිටි පුද්ගලයන් 31ක් ආරච්චිකට්ටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ආරච්චිකට්ටුව නගුල්එළිය ප්‍රදේශයේ සැකකටයුතු අයුරින් පුද්ගලයන් පිරිසක් රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකරුවන් උඩප්පුව, මුලතිව් හා යාපනය පදිංචිකරුවෝ වෙති.