ගංවතුර හා නායයෑම් ආපදාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් වෙත කඩිනම් සහන සැලසීම සඳහා ඔස්ට්‍රේලියානු රජය යුනිසෙෆ් සංවිධානය හරහා ඇ.ඩො.500,000ක ආධාර ලබාදී තිබේ.
ගංවතුරෙන් පීඩාවට පත්ව තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල සිටින පිරිස්වලට අවශ්‍ය ජලය හා දරුවන්ගේ සනීපාරක්ෂක පහසුකම් පිළිබඳව මෙහිදී වැඩි වශයෙන් අවධානය යොමුව තිබේ.
තමන් සතු අවම පහසුකම් යටතේ වුවත්, මෙවැනි හදිසි ආපදා තත්ත්වයකට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව දරා ඇති උත්සාහය ප්‍රශංසනීය බවද ඔස්ට්‍රේලියානු රජය පවසයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය මේ මොහොතේ ජාත්‍යන්තරයේ සහාය බලාපොරොත්තු වූ පසුබිමක මෙම සහන සැලසීම් සිදුකරන බවද ඔවුන් පවසා සිටී.