එක්සත් ජාතීන්ගේ 71 වැනි මහ මණ්ඩල සැසිවාරය නිව්යෝක් නුවරදී ආරම්භ වූ අතර, මෙවර ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා සිය අවසන් සැසිය අමතයි.
පසුගිය සැප්තැම්බර් 13 වැනිදා එක්සත් ජාතීණ්ගේ 71 වැනි සැසිවාරය නිල වශයෙන් ආරම්භ වූ අතර, අද (20දා) සිට 26 වැනිදා දක්වා වාර්ෂික මහ මණ්ඩල සැසිවාරය හෙවත්, ලොව පුරා රාජ්ය නායකයන්ගේ අදහස් හා යෝජනා එළිදැක්වීමට අවස්ථාව උදාවන සැසිවාරය පැවැත්වෙයි.
මෙවර මහා මණ්ඩල සැසිවාරය වෙනුවෙන් ලොව පුරා රාජ්ය නායකයන් 193 දෙනෙකු සහභාගී වීමට නියමිතය.
අපේ ලෝකය වෙනස් කිරීමට විශ්වීය ජවයක් යන තේමාවෙන් මෙවර මහා මණ්ඩල සැසිය පැවැත්වෙයි.
එමෙන්ම, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් මහතා සහභාගී වන අවසන් සැසිවාරයද මෙයයි.