ඇමෙරිකාවේ වත්මන් ජනපති බරැක් ඔබාමා එරට 45 වැනි ජනාධිපතිවරයා ලෙස ජයග්රහණය ලැබූ ඩොනල්ඩ් ට්රම්ප් වෙත දුරකථනයෙන් කතා කරමින් සුබ පතා තිබේ.
ඒ අනුව, බල හුවමාරුව වඩාත් සුමටව සිදුකිරීම සඳහා වූ සාකච්ඡාවන් සඳහා හෙට (10දා) ධවල මන්දිරයට පැමිණෙන ලෙසද ඔබාමා, ට්රම්ප් වෙත ආරාධනා කර තිබේ.
මෙම මැතිවරණය පුරා ඔබාමා සිය පක්ෂයේ හිලරි වෙනුවෙන් ප්රසිද්ධියේ සහාය දැක්වූ අතර, ඡන්දයට දිනක් තිබියදීද ඔබාමා මෙන්ම, මිෂෙල්ද හිලරි ජයග්රහණය කරන බව අවධාරණය කළහ. නමුත්, මැතිවරණ ප්රතිඵල අවසානයේදී හිලරි සිය පාක්ෂිකයන්ටවත් ආචාර කිරීමට නොපැමිණි අතර, ට්රම්ප් විශිෂ්ඨ ජයග්රහණයක් ලබමින් ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපති ධුරය තහවුරු කරගනු ලැබීය.