නැගෙනහිර ජනතාවට අවශ්‍ය හැම දේම ලබා දුන් බවත්, නැගෙරහිර පළාතේ සංවර්ධනය සඳහා බිලියන ගණනින් මුදල් වෙන් කළ බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා අම්පාරේදී පැවැසීය.
අම්පාර ජනරැළිය අමතමින් හෙතෙම මෙම අදහස් ඊයේ (20දා) පළ කළේය.
"මම ඔබගේ මන්ත්‍රීන්ගෙන් ඇහුවා මොනවද ඕන කියලා. ඔවුන් කිවුවා උතුරෙන් වෙන්වූ වෙනම නැගෙනහිරක් කියලා. අපි ඔබට අවශ්‍ය හැමදෙම දුන්නා. තාවකාලික රාජ්‍ය සේවයේ දින 180ක් සම්පූර්ණ කර ඇති සියලුම රාජ්‍ය සේවකයින් ස්ථිර කරන්න මම තීරණය කළා. ඔබ හැම දෙනෙක්ම දරුවන් ගැන සිතන්න. ඔවුන් අපේ අනාගත සම්පතයි. ඔවුන්ට නිවරදි මාර්ගය කියා දෙන්න අපට අවස්ථව දෙන්න.ඔබට මාව විශ්වාස කරන්න පුළුවන්. මම හැමවෙලේම ඔබව ආරක්ෂා කරනවා."