ශ්‍රී ලංකාවේ දමිල ජනතාවගේ හැඟීම් ඉටු කිරිම සඳහා කටයුතු කරන බවත් ඒ සඳහා ඉන්දියාව හැකි සෑම අයුරකින්ම කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හැටන් නොවුඩ් ක්‍රීඩාංගණයේදී වතුකරයේ ජනතාව අමතමින් පැවැසීය.
සුවසැරිය ගිලන් රථ සේවය වතුකරයේ ජනතාවට සේවය ලබා ගැනිමට හැකිවන අයුරින් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවත් ඉන්දියාවේ ආර්ථික වර්ධනයේ ප්රතිලාභ ශ්‍රී ලංකාවට ලැබෙන බවත් ඔහු පැවැසීය.
ඉන්දියාවේ ප්රතිලාභ මත වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස ලබාදීම තවදුරටත් සිදුකරන බව ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකා රජය සමග එක්ව වසර පහක ක්‍රියාකාරී සැලැස්මක් යටතේ වතුකරයේ ජනතාවගේ පහසුකම් වර්ධනය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් අගමැතිවරයා පැවැසීය.
වතුකරයේ ජනතාව ලෝකයේ පැරණිම භාෂාවක් කතා කන බවත් එය ඔවුන්ට ආඩම්බර විය හැකි කරුණක් බවත් ඔහු පැවැසීය.
වතුකරයේ ජනතාව මෙන්ම තමාටද තේ සමග සබඳතාවක් පවතින බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.