පාකිස්තානයේ ඔත්තු සේවාවට සම්බන්ධ වී ඉන්දියාවේ සිට පාකිස්තානයට ඔත්තු බැලීමේ චෝදනා යටත් ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයෙකුට ඉන්දීය විශේෂ අධිකරණයක් විසින් වසර පහක සිර දඬුවමක් ලබා දී තිබේ.
සහීර් හුසේන් නම් මෙම ශ්‍රී ලංකා ජාතිකයාට ව්‍යාජ මුදල් ජාවාරම් කිරීමේ චෝදනා යටතේ මෙම සිර දඬුවම ලබා දී තිබේ.
හුසේන් ව්‍යාජ මුදල් ජාවාරම් කිරිමේ චෝදනා පිළිගෙන තිබෙන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.