ඒකාබද්ධ විපක්ෂය යටතේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගතහොත් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී යන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා සිටින කුමන තරාතිරමක අයෙකු වුවද නව පක්ෂයේ සාමාජිකත්වය ලබාගැනීමට කටයුතු කළහොත් ඒ මොහොතේම ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි වී යන බවද පවසා සිටියේය.
මේ අනුව ඒකාබද්ධ විපක්ෂය සකස් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් පක්ෂ සාමාජික, හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි වී යන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
පීරිස් මහතා වර්තමානය වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හෝ පක්ෂයේ ආසන සංවිධායකවරයෙකු නොවන බවද ඔහු පවසා සිටියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගත් පසු පක්ෂයේ සාමාජිකත්වය නිතැතින්ම අහෝසි වන නිසා ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට හෝ නොහැකි බවද හෙතෙම කියා සිටියේය.