ඒකාබද්ධ විපක්ෂය විසින් දිස්ත්‍රික් මටටමින් පවත්වනු ලබන ඊළඟ මහජන රැලිය නැගෙනහිර පළාතේදී පවත්වන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (27දා) පැවසීය.
එම රැලිය පවත්වන ස්ථානය සම්බන්ධව අම්පාර දිස්ත්‍රික්කය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය අතර මේවනවිට ගැටුමක් හටගෙන ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මැයි මාසයේදී එම රැලිය පවත්වන බවත්,ගාල්ල හබරාදූවේදී පැවැති රැස්වීම සාර්ථකව අවසන් කළ බවත් හෙතෙම කියා සිටියේය. පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.