ඒකාබද්ධය කළ ඉල්ලීම අගමැතිට යොමුකරයි
අංශ ගණනාවකින් රට මූල්‍ය අර්බුදයක් කරා ගමන් කරමින් තිබෙන බැවින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවන ලෙසට ඒකාබද්ධ විපක්ෂය කළ ඉල්ලීම කථානායක කරු ජයසූරිය මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකර තිබේ.
සභාව කල්තැබූ අවස්ථාවක අතරමැද දිනයකදී සභාව යළි කැඳවීම සඳහාජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාටපමණක් අවස්ථාව තිබෙන බැවින් කථානායකවරයා මෙලෙස කටයුතු කර ඇත.
ඒ අනුව අගමැතිවරයාගේ කැමැත්ත ලැබුණොත් පමණක් පාර්ලිමේන්තුව කැඳවිය හැකි බවත්,එසේනොවුණොත් මීට පෙර යොදාගත් පරිදි ජනවාරි 23 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවන බවත් කථානායක කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ලිඛිතව දන්වා තිබුණේ මූල්‍ය අර්බුදයට විසඳුමක් ඉදිරිපත් නොකළොත් රට අනතුරුදායක තත්ත්වයකට පත්විය හැකි බවයි.
ඒ සඳහා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැස්ව තීරණයක් ගත යුතු බවද ඒ මහතා පෙන්වා දී තිබිණි. මේ සම්බන්ධව කළ විමසීමකදී අදහස් දැක්වූ දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙම කරුණ සම්බන්ධව තමන් ඊයේ(01දා) කථානායකවරයා සමග සාකච්ඡා කළ බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


