ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධවී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් තවමත් පක්ෂයේ අරමුදලට සාමාජික ගාස්තු ගෙවන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයට ගොස් ඒ පිළිබඳව ලිපිලේඛන පරීක්ෂා කර බැලීමට ඕනෑම අයෙකුට අවස්ථාව තිබෙන බවද මහඇමතිවරයා සඳහන් කළේය.
පක්ෂ සම්මේලනයට සහභාගි නොවන බවට ඇතැම් පිරිස් පවසා තිබුණද එම සියලුදෙනාගේම මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවද හෙතෙම පවසා සිටියේය.