ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ කොළොන්නාව හිටපු උප නගරාධිපති සුරේෂ් කෝදාගොඩ මහතා, පෑලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත කුමාරසිංහ මහතා සහ මෙවර පොදුජන පෙරමුණෙන් කොළොන්නාව නගර සභා අපේක්ෂිකා රුක්ෂිලා කෝදාගොඩ මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමට එක්ව තිබේ.
ෙජනපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ වයඹ පළාත් සභා හිටපු මන්ත්‍රීවරයෙකු හා පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරයෙකු වන අයි.එම්. ජයතිලක ඉලංගකෝන් මහතා ද ජනාධිපතිට සහය පළ කරමින් ජනපති හා එක්වූ බවයි. අද (03) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ඔවුන් ජනපති හා එක්ව තිබේ.