දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනුර කුරුප්පු මහතා සහ හිටපු උප සභාපති එල්.ටී. විජේවර්ධන යන මහත්වරුන් අද (13දා) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වූ බව ජනපති මාධ්‍ය අංශය කියයි.
ඔවුන් මෙතෙක් ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කළ බවද ජනපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි.
එමෙන්ම එජාප ක්‍රීයාකාරින් වන දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී තෝමස් චමින්ද සහ දැරණියගල එජාප බල මණ්ඩලයේ ලේකම් ඒ.වී. පියරත්න යන මහත්වරුන් ද ජනාධිපතිට සහාය දීමට එක්වූ ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.