ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ප්‍රබල සාමාජිකයෙකු වූ උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ජයන්ත මාරසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළකරමින් අද (22දා) ජනාධිපති කාර්යාලයේදී ජනපතිවරයා හමුවිය.
රටට අවශ්‍ය දේශපාලන පරිවර්තනය මෙන්ම ජනතාව දුගීභාවයෙන් නිදහස් කර ගනිමින් රටට අවශ්‍ය සංවර්ධනය සිදුකිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙළට සහාය දැක්වීම රටට ආදරය කරන සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම බව මෙහිදී ප්‍රකාශ කළ ජයන්ත මාරසිංහ මහතා, එම වැඩපිළිවෙළට සහාය පළකරමින් තවත් විශාල පිරිසක් ඉදිරියේදී ජනාධිපතිවරයා සමග අත්වැල් බැඳගැනීමට සූදානමින් සිටින බවද ප්‍රකාශ කළේය.