ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ පාර්ලිමේන්තුව අමැතීම ආරම්භකරන අවස්ථාවේදී සහ සිය කථාවේ විශේෂ අවස්ථාවන්හිදී ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීන් සමඟ ඒකාබද්ධ විපක්ෂයේද මන්ත්‍රීවරුන් අත්පොළසන් නැගීම විශේෂත්වයක් අද(09දා) පාර්ලිමේන්තුවේ විශේෂත්වයක් විය. ජනාධිපතිවරයාගේ කථාව අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා ජනාධිපතිවරයාගේ කථාවට සහය වන ආකාරයේ වදන්ද පැවසුයේ සිනාවෙමිනි.
78 ව්‍යවස්ථාවට එරෙහිව බණ්ඩාරණායක මැතිණිය සමග එක්ව තාමද උද්ගෝෂණය කළ බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පවසන අවස්ථාවේ දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුයේ “ ඒ උද්ගෝෂණය තිබුණේ පිටකොටුවේ“ යනුවෙනි.
ආණුඩුක්රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කළ කතාව අවසානයේද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්පොලසන් නගමින් සිය සතුට පළකළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඒ අතර වූහ.