මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දීමට යෝජනා වූ අතිරේක දීමනාව ලබා දීම සම්බන්ධයෙන් තමා විරුද්ධ නොවන බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා කීවේය. සමාජ සේවාවේ නිරතවීමේ අරමුණින් පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන්ට දැනට ලැඛෙන මුදල ප්‍රමාණවත් නොවන බවත් ඒ අනුව ඇතැම් මන්ත්‍රීවරුන් අයථා ආදායම් මාර්ග වෙත යොමු වීමේ නරක අත්දැකීම් තිබෙන බවත් ඔහු කීවේය.
එසේම වර්තමානයේදි රටේ සෑම පුද්ගලයකුම රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ණය වී ඇති බව බවද අමාත්‍යවරයා සඳහන් කළේය. ම ණය බරින් නිදහස් වීමට නම් රටක් ලෙස නිෂ්පාදන ඉහළ නැංවිය යුතු බවද ඔහු කීවේය.
අද (28දා) අම්බලන්ගොඩ විහාරස්ථානයක පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.