බත්තුළුඔය මාඑළිව රජයේ පාසලේ තුන හතර වසරවල අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 14 කු ඊයේ ( 27 දා ) පාසල් වේලාව තුළ දි වැට එ ඬෙරු ඇට ආහාරයට ගැනිම නිසා රෝගිව හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.
මෙම දරුවන්ගෙන් 11 දෙනෙකුම පිරිමි ළමුන් වන අතර තිදෙනෙක් ගැහැණු දරැවන් වේ. මෙම විදුහලේ තුන් වන වසරේ අධ්‍යාපනය ලබන දැරියක් ඊයේ ( 27 දා) උදේ පාසලට එන විට කිසියම් ඇට වර්ගයක් ගෙනැවිත් ඇත. එම දැරිය විවේක වේලාවේ දි එම ඇට සෙසු දරුවන්ට ද දි තමා ද කා ඇත.
අනතුරුව පාසල නිම වන්නට ආසන්න වන විට දරු දැරියන් වමනය දැමිම නිසා ඔවුන් ආනවිලුන්දාව රෝහලටත් පසුව හලාවත රෝහලටත් ඇතුළත් කර ඇත.
දරුවන්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන අතර ඔවුන් කා ඇත්තේ වැට එඬෙරු බව හලාවත රෝහගේ ප්‍රකාශකයෙක් කීය. මුන්දලම පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
සුපුන් හංසන