එළවළු මිල ඉහළට
- 16 11 2014
- 12:13
- {{hitsCtrl.values.hits}} views
- එස් කරුණාරත්න
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පහතරට සහ කන්ද උඩරට ප්‍රදේශයෙන් ලැබෙන එළවළුවල මිල පසුගිය මාසයට වඩා 70% කින් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.
පසුගිය කාලයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයත් සමග එළවළු වගාවන් විනාශ විය. මේ දිනවල කන්ද උඩරට ප්‍ර‘දේශවලට සහ පහතරට ප්‍ර‘දේශවලට පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා එළවළු අස්වැන්න 60% - 70% පමණ විනාශ වී ගොස් ඇතැයි වෙළෙන්දෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු තොගමිල සහ සිල්ලර වෙළෙඳ පොළේ එළවළු මිල මෙසේය.
වර්ගය කිලෝවක තොග මිල කිලෝවක සිල්ලර මිල
කැරට් 160 – 170 200 – 250
ලීක්ස් 160 – 180 200 – 250
අර්තාපල් අල 115 – 125 150 – 200
බෝංචි 80 – 100 150 – 200
වම්බටු 55 – 70 100 – 120
රාබු 70 – 80 100 – 120
බීට්රූට් 110 – 120 150 - 200
කරවිල 130 – 150 200 – 220
පතෝල 60 – 70 100 – 120
එළබටු 50 – 60 100 – 120
වට්ටක්කා 25 – 35 50 – 60
මෑ කරල් 85 – 100 150 – 170
බණ්ඩක්කා 35 – 50 100 – 120
අමු මිරිස් 100 – 150 200 – 250
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

