ජීව අත්බෝම්බයක් ළඟා තබාගැනීම හා පෞද්ගලික මූල්‍ය ආයතනයක් සතුව තිබූ ජීප් රථයක් පැහැරගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එස්.එෆ් ලොක්කා ලබන මස 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු හර්ෂණ ධනුෂ්ක රත්නායක මහතා අද (27දා) නියෝග කළේය.
ඔහු මීට පෙර කරාතේශූර වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සැලසුම්කරු බවට චෝදනා ලැබ බන්ධනාගාරගතව පසුව ඇප මත මුදාහැර සිටි පුද්ගලයෙකි.
සැකකරු පසුගියදා (21දා) සුඛෝපභෝගී ජීප් රථයක් පැහැර ගැනීමේ චෝදනාවට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුම් සිදුකළ අතර, ඒ අනුව ඔහු පෙරේදා (26දා) දිනයේදී සුදු පැහැති වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී අනුරාධපුර දහයියාගම ප්‍රදේශයේදී අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.
