එල්ටීටීඊ සංවිධානය විසින් මුස්ලිම් ජාතිකයන් 100දෙනෙක් පමණ ඝාතනය කර වළදමා ඇති සමූහ මිනීවළක් කැණීම් කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින්කාත්තන්කුඩි ප්රදේශයේ පදිංචිව සිටි මුස්ලිම් ජාතිකයන් අවස්ථා කිහිපයකදීඝාතනය කර කලවංචිකුඩි පොලිස් වසමේ කුරුක්කල්මඩම් මුහුදු වෙරළට ආසන්න භුමියක වළ දමා ඇති බවට පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත මෙම සමූහ මිනීවළ කැණීමට අධිකරණයෙන් නියෝගයක් ලැබී තිබේ.
කාත්තන්කුඩිහි පදිංචි අබිදුල් මජිඩ් මොහොමඩ් මහතා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම කැණීම සිදුකරන බව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.