එල්.ටී.ටී.ඊ. හිතවාදී විදේශීය දෙමළ සංවිධාන 16 ක් සඳහා කළ තහනම ඉවත්කරන්නැයි ඉල්ලා දෙමළ ජාතික සන්ධානය ඊයේ (28දා) උතුරු පළාත් සභාව මගින් යෝජනා කිහිපයක් සම්මත කරන ලදී.
මෙකී සංවිධාන පසුගියදා රජය විසින් තහනම් කරන ලද අතර, ඒවා මෙරට බෙදුම්වාදයට උඩගෙඩි දෙන බවට චෝදනා එල්ල විය.
කෙසේ නමුත් මෙම තහනම ඉවත්කර මෙරට තුළ දේශපාලන විසඳුමක් ක්රියාත්මක කරන ලෙස දෙමළ සන්ධානය ඉල්ලයි.
එහි පළාත් සභා මන්ත්රී වී. කේ. සිවඥානම් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරන ලදී.