එල්ටීටීඊ සාමාජිකයෙකුට අනුරාධපුරදී නිදහස
හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකුට අනුරාධපුර මහාධිකරණයේදී අද (02දා) නිදහස ලැබී තිබේ.
වසර 06කට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි ශ්රාවස්තිකුලම්, ඉච්චන්කුලම්, වව්නියාව ලිපිනයේ පදිංචි ජෙගනාදන් මුහුන්දන් නොහොත් අරුල් තම්බි යන අයව මෙසේ නිදහස් කෙරුණි.
2008ක් වූ පෙබරවාරි 01 වන දිනත්, අප්‍රේල් 30 වන දිනත් අතර කාලය තුළදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයෙකුවී සිවිල් වැසියන් 100 දෙනෙකු යොදාගෙන වැලිඔය ප්‍රදේශයේ බංකර් ඉදිකිරීම මෙම එල්.ටී.ටී.ඊ. සාමාජිකයාට එරෙහිව ගොනුව තිබූ චෝදනාවයි.
“සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන් එකට එක්වී මේ රට තුළ ජීවත් වීමේ අයිතියක් තිබෙනවා. නැවතත් රාජ්‍ය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ නොවී හොඳ පුරවැසියෙකු වශයෙන් කටයුතුකරන්න” යැයි අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයාට නිදහස ලබාදෙමින් පැවසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
