එල්ටීටීඊ සමූහ මිනීවළක පරීක්ෂණ අරඹයි
එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් සටන් විරාම සමයේදී පොලිස් පරීක්ෂක ජෙයරත්නම් හා යුද හමුදා කපිතාන් ලකී ඇතුළු සිවිල් වැසියන් 80 දෙනෙකු මුලතිව්හි ස්ථාන කිහිපයකදී ඝාතනය කොට පිළිස්සූ ස්ථාන පිළිබඳ කිලිනොච්චි මහේස්ත්රාත් එම්.අයි.වහබ්දීන් මහතාගේ නියෝග පරිදි පොලිස් ත්රස්ත විමර්ශන ඒකකයේ මූලිකත්වයෙන් අද (02දා) පරීක්ෂණ ආරම්භ කෙරිණි.
ත්රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් එල්.ටී.ටී.ඊ. සැකකරුවන් හතරදෙනෙකුගෙන් ලද තොරතුරු අනුව පළමුව මුලතිව්,ඔඩිඩුසුඩාන්,පෙරියඉද්දිමඩු ප්රදේශයේදී අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කරනු ලැබීය.
එල්.ටී.ටී.ඊ සංවිධානය පුදුකුඩිඉරිප්පු,වල්ලිපුනම්ප්රදේශයේ පවත්වාගෙන ගිය ඇල්ෆා 05 හා ඇල්ෆා 02 සිරකඳවුරු තුළ රඳවාගෙන සිටි පොලිස් පරීක්ෂක ජෙයරත්නම් හා යුද හමුදා කපිතාන් ලකී ඇතුළු සිවිල් වැසියන් 80 දෙනෙකු දෑස් බැඳවිලංගු දමා 2006 වර්ෂයේදී ලොරි රථයකින් ඔඩ්ඩුසුඩාන්,පෙරියඉද්දමඩු කැලෑවට රැගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර පුළුස්සා දැමූ බව වාර්තා වී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
