හෘද ස්ඵන්දනය වේගවත් වීම හේතුවෙන් එංගලන්තයේ රෝහල් ගත කරනු ලැබූ ශ්රී ලංකා වේග පන්දු යැවීමේ ක්රීඩක ශාමින්ද එරංගට ගැටලුවක් නොමැති බව ශ්රී ලංකා ක්රිකට් ආයතය නිවේදනය කරයි.
ඒ අනුව ඔහු ඉතාමත් ඉක්මනින්ම නැවතත් දිවයිනට පැමිණෙනු ඇති බවත් ඔහු පිළිබඳව කරනු ලැබුවේ පරීක්ෂණ කිහිපයක් පමණක් බවත් ක්රිකට් ආයතනය සඳහන් කරයි. ශාමින්ද එරංග මේ වන විට රෝහලෙන් පිටවතිබේ.
එසේම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවරදි නොවන බවට අයි.සී.සීය ශ්රී ලංකා ක්රිකට් ආයතනයට තහවුරු කළ බවත් ඔහුගේ ඉරියව්ව නැවත සකස් කර ගන්නා තෙක් දේශීය පිටියේ තරග කළ හැකි බවට අයි.සී.සීය දන්වා ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.