මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට පූර්ණ වල්නාශක රට තුළ භාවිත කිරීම තහනම් කළද, එම්.එස්.ජී. රසකාරකය ඇතුළු රසකාරක මිනිස් ජීවිත අනතුරට ලක්කරමින් සිටින බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.
මේ නිසා ලබන වසර වනවිට එම්.එස්.ජී.රසකාරකය තහනම් කරන තැනට රට පත් කළ යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.
වර්ෂයකට එම්.එස්.ජී. රසකාරක මෙට්‍රික් ටොන් 2200කට ආසන්න ප්‍රමාණයක් රටට ගෙන්වන බවට තහවුරු වී තිබෙන බවත්, ඒ සඳහා රුපියල් මිලියන 500කට වැඩි මුදලක් වැය කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.
ග්ලයිෆොසේට් රට තුළින් තහනම් කළ පසු වල්මර්දනය කිරීම සඳහා මෙම එම්.එස්.ජී. රසකාරකය භාවිත කරන බවත්, එවැනි විෂ සහිත ද්‍රව්‍යයක් මිනිසුන් ආහාර රසවත් කරගැනීමට යොදාගන්නා බවද අවධාරණය කළහ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙම රසකාරකය හොඳ නැතැයි ප්‍රකාශ සිදුකර තිබුණද,එය භාවිත කිරීම තහනම් කර නොමැති බවත්, එහෙත් වල්නාශකයක් ලෙස භාවිත කරන මෙම රසකාරකය තුළින් මිනිස් ජිවිතයට බලපෑම් සිදුවන බවට තහවුරු වී තිබෙන බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
මීට අමතරව තවත් විශාල රසකාරක ප්‍රමාණයක් රට තුළ භාවිත කරන බවත්, මෙම රසකාරක ආහාරවලට භාවිත කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කරන බවත් ඒ හිමියෝ කියා සිටියහ.