එප්පාවල, නල්ලමුදා ශෛල්‍ය බිම්බාරාම විහාසර්ථානයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසුව ගම්වාසීන්ට පහරදීමේ සිදුවීමට අදාළව එප්පාවල පොලීසයේ උප පොලිස් පරීක්ෂක ආර්.එම්. අබේසේකර මහතාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර ඇත.
කැබිතිගොල්ලෑව සහකාර පොලිස් අධිකාරී විසින් මෙම වැඩතහනම් කිරීම සිදුකර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි උතුරු මැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් විමර්ශනයක්ද ආරම්භ කර ඇත.