එන්නත් කටු නැති ආශ්වාසයෙන් ශරීරගත වන ලොව ප්‍රථම එන්නත අපෙන්
ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි ලොව ප්‍රථම එන්නත ශ්‍රී ලාංකික වෛද්‍යවරියකගේ මූලිකත්වයෙන් ඔස්ට්‍රේලියාවේ විද්‍යාගාරයක දී නිපදවා ඇති බව පැවසෙයි.
ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අනුෂි රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම එන්නත සොයා ගෙන ඇති බව බී.බී.සී.ය පවසයි.
එන්නත් කටුවක් සහිත සිරින්ජරයක් භාවිත කිරීමකින් තොරව, මෙම එන්නත ආශ්වාස කිරීම මගින් සෘජුවම ශ්වාසනාල හරහා ශරීර ගත කළ හැකි බව වෛද්‍ය අනුෂි රාජපක්ෂ පවසයි.
එන්නත් කටුව සහිත සිරින්ජරයට ඇතැමුන් බිය වන බවත් මෙම එන්නත සොයා ගැනීම නිසා වැඩි පිරිසක් ප්‍රතිශක්තිකරණය සඳහා යොමු කරවා ගැනීමට හැකි වනු ඇති බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දෙයි.
ආශ්වාසය මගින් ශරීරගත කළ හැකි එන්නත් වර්ධනය කිරීම තුළින් අනාගතයේදී වෛද්‍යවරයෙකු ළඟට නොගොස් තමන්ටම ප්‍රතිශක්තිකරණ ලබා ගැනීමට හැකි වනු ඇති බවටද ඇය විශ්වාසය පළ කළ බව බී.බී.සී.ය වැඩිදුරටත් පෙන්වා දෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

