ආණ්ඩු පක්ෂයෙන් වෙන්ව තමන්ට සහාය දැක්වීමට එක්වන පිරිස ඉදිරියේදී දැක බලාගත හැකිවනු ඇතැයි පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා අද (24දා) මහනුවරදී පැවසීය.
මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් දළදා වහන්සේ හා මහ නහිමිවරුන් බැහැදැකීමට මහනුවරට පැමිණි අවස්ථාවේ හෙතෙම මෙම අදහස් දැක්වීය.
“ඉදිරි මැතිවරණ කටයුතු ජයග්රාහී විදියට කරන්න මම බලාපොරොත්තු වෙනවා. ගෙවීගිය පැය 72 ක කාලය තුළ පොදු අපෙක්ෂකයා ලෙස මම ඉදිරිපත්වීමත් සමග දේශපාලනයේ පරිවර්තනයක් තිබෙනවා. මම බලාපොරොත්තු වුණාටත් වඩා රටේ මහ ජනතාවගේ ආශීර්වාදය හා සහාය තිබෙනවා.
මට ලැබෙන තොරතුරුවලින් මම විමතියට පත්වෙනවා. ඒ තරම් වෙනසක් රටේ සිදුවෙමින් තිබෙනවා. ඒ වගේම සාධාරණ හා යුක්ති සහගත මැතිවරණයක් පවත්වනවා“ යැයි හෙතෙම පැවසීය.
අද (24දා) පස්වරුවේ මෛත්රීපාල සිරිසේන මහතා අනුරාධපුරයට ගොස් ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදය ලබාගැනීමටද නියමිතය.
කරු ජයසූරිය, ලක්ෂ්මන් කිරිඇල්ල, අර්ජුන රණතුංග, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන යන මන්ත්රීවරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.