පසුගිය ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරුන්ට ලැජ්ජාව නොතිබුණත් වත්මන් ආණ්ඩුවේ දේශපාලකයින්ට ලැජ්ජාව තිබෙන බව රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය. අද (17දා) පොලොන්නරුවේ පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවැසීය.
පැවැති ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට චෝදනා එල්ල වුවත් ඔවුන් එම ධුරවලම සිටි නමුත් වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට චෝදනා එල්ල වූ විට ඔවුන් ධුරවලින් ඉල්ලා අස්වන තත්වයට පත්ව ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය. එය නව ආණ්ඩුවේ වෙනස බවද ඔහු කීවේය.