ඉන්දියාව හා අත්සන් කිරීමට නියමිත එට්කා ගිවිසුමට අදාළ සාකච්ඡා වලින් වෘත්තිකයන් නැගිට ඉවත්ව ගිය බවට වාර්තාවන තොරතුරු අසත්‍යබව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම අමාත්‍යාංශයේ අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරන අතර එට්කා සාකච්ඡාවලින් වෘත්තිකයක් ඉවත්ව ගිය බවට වාර්තා වෙන තොරතුරුවලට නිවේදනයක් නිකුත් කරමින් ඉහත අදහස් දක්වයි. එසේම ජාතික ජාතික සංවර්ධන සැලැස්මෙන් ආදායම් යෝජනා ඉවත් කර ඇති බවට පළ වූ පුවත් වාර්තා ද සාවද්‍ය බව එම නිවේදනයේ වෙයි.