එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයකම වෙනස්කම් කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පක්ෂයේ ජාතික සංවිධායක ධුරය හෙබවූ අමාත්‍ය දයාගමගේ මහතා පක්ෂයේ නියෝජ්‍ය සභාපති ලෙසද ඇයගේ බිරිඳ වන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය එක්සත් ලක් වනිතා පෙරමුණේ සභාපතිනිය ලෙසද පත්කොට තිබේ.
ජාතික සේවක සංගමයේ සභාපති ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත්කොට තිබේ. රාජ්‍ය අමාත්‍යවරුන් රුවන් විජයවර්ධන මහතා හා නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පක්ෂයේ සහකාර ලේකම්වරුන් ලෙස පත්කොට තිබේ.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජාතික වතු කම්කරු සේවක සංගමයේ සභාපති ලෙසද මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතතා ජාතික යොවුන් පෙරමුණේ සභාපති ලෙසද පත්කොට ඇත.