එක්සත් ජාතික පක්ෂයේ ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා කතාකරන්නේ 'රා බී වෙරිවුණු මී පැටියෙක් වගේ' යැයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
ඌව පළාත් සභා මැතිවරණය දිනන බවට ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා පවසා තිබුණු බවත්, සෑම මැතිවරණයකම ප්‍රතිඵල එනතෙක් ඔහු එවැනි ප්‍රකාශ සිදුකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ජාතික කලාභවනේ පැවැති හස්ත කර්මාන්ත ප්‍රදර්ශනයට එක්වෙමින් ගම්මන්පිල මහතා මෙම අදහස් දැක්වීය.
“මම දැක්කා ගයන්ත කරුණාත්ලක මන්ත්‍රීතුමා මාධ්‍යවලට කියා තියෙනවා මෙදා පාර ඌවෙන් ආණ්ඩුවට ඌයි කියන්න දෙනවා කියලා. හැමදාම කියන්නෙ ඔහොම තමයි. ඡන්දෙ ප්‍රතිඵලය එනකම්ම විපක්ෂය දිනනවා. මෙහෙම කයිවාරු ගහන ගයන්ත මන්ත්රීතුමාලා ගියපාර ඡන්දෙදි මොනරාගලින් 16% යි, බදුල්ලෙන් 26% යි ඡන්දෙ ගත්තෙ. ඉතිං එහෙම ගත්තු පක්ෂයක් මෙහෙම කියනකොට අපට සිහිවෙන්නෙ දවසක් මීයෙක් රා බීලා හොඳටම වෙරිවෙලා පූසට අභියෝග කළාලු සටනට එන්න. ගයන්ත කරුණාතිලක මන්ත්රීතුමයි, ඒ රා බීලා වෙරිවුණු මී පැටියයි අතර කිසිම වෙනසක් මටනම් පේන්නෙ නෑ* යැයි හෙතෙම කීය.