වසර දෙකක් නොව වසර පහක් ජාතික ආණ්ඩුව පැවැත්වෙන බව ආමාත්‍ය දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය. නිදහස් පක්ෂ මහ ලේකම්වරයා පැවැසුවේ රටේ නූපන් ජනතාව වෙනුවෙන් අවශ්‍ය වෙනස්කම් කිරීමට ආණ්ඩුව වසර පහක් දක්වා ගමන් කරන බවයි. මෙම අවස්ථාවට එජාප මහලේකම්, අමාත්‍ය කබීර් හෂීම් මහතාද එක්විය.
“ජාතික ආණ්ඩුව පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා. ආණ්ඩුව අද වැටෙයි, හෙට වැටෙයි, රැස්වීමකින් පස්සේ වැටෙයි මේ වගේ බලාපොරොත්තුත් රටේ ජනතාවට ලබලා දෙනවා අපි දැකලා තියෙනවා. ඉතාමත් පැහැදිලිව කියන්න ඕන මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමත්, රනිල් වික්‍රමසිංහ අග්රාමාත්යතුමත් ඉතාම පැහැදිලිව අවුරුදු පහක් මේ ජාතික ආණ්ඩුව යනවා කියලා අපි ජනතාවට මතක් කර දෙන්න ඕන.
අපි ආරම්භ කළේ අවුරුදු දෙකක ගිවිසුමකට බව ඇත්ත. නමුත් මේ රටේ සියලු වෙනස්කම් ටික කරන්න මේ රටේ ජනතාව වෙනුවෙන්, මේ රටේ නූපන් ජනතාවගේ යපහපත වෙනුවෙන් ඒ සියලු වෙනස්කම් ටික කරන්න මේ ආණ්ඩුව අවුරුදු පහක් අපි එකට ඉන්නවා කියන පණිවිඩය අපි මේ අවස්ථාවේදී ලබාදෙන්න ඕනකම තියෙනවා.”