තමන් කිසිසේත් එක්සත් ජාතික පක්ෂය හැර නොයන බවත් තමා ආණ්ඩුවට එක් වීමට යන බවටත් පැතිරයන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍යයක් බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා 'අද' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
"මම කිසි අවස්ථාවක එජාපය හැර යන්න කිසිවෙකුත් සමග කතා කර නෑ. ඒත් මම නිතරම එජාපයේ ජයග්‍රහණය සඳහා පක්ෂය ඇතුලේ ප්රතිසංවිධානයක් සිදුවිය යුතුය යන මතය දැරූ අයෙක්. අදටත් මගේ ස්ථාවරය එයයි. මම ආණ්ඩුවට එක්වන බවට කතාවක් පැතිරයන්නේ ඒ නිසාද දන්නේ නෑ.
ඒත් මම කිසිම අවස්ථාවක දී එජාපය හැරයන්න කිසිවෙකුත් සමග කතා කර නෑ. ආණ්ඩුවේ කිසිවෙකු සමග හෝ පක්ෂ මාරු කිරීමක් සම්බන්ධව කතා කර නෑ. එක්සත් ජාතික පක්ෂය හැරයන්න මගේ කිසිදු අදහසක් බලාපොරොත්තුවක් නෑ" යැයි ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.