අද (09දා) දිනයේදී පැවැත්වීමට නියමිත විශේෂ ඇමති මණ්ඩල රැස්වීමකදී මැතිවරණය ඉලක්ක කරගෙන ජල ව්‍යාපෘති කිහිපයක් සඳහා මුදල් වෙන්කර ගැනීමේ සූදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ වියදම් පියවා ගැනීමේ අරමුණින් මෙහිදී ටෙන්ඩර් ලබාදීමේ සූදානමක් තිබෙන බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
මේ පිළිබඳ මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු කීය.